සම්බන්ධ වීමට තොරතුරු

නම තනතුර දුරකථන අංකය ෆැක්ස් අංකය
ආර්.එම්.ඊ.සී.පී. මැණිකේ මිය ගණකාධිකාරී 011-2092742

කාර්යභාරය

  • නිල බැංකු ගිණුම් වලට අදාල කටයුතු කිරීම.
  • සියළුම වර්ගවල ලැබීම් (මුදල් සහ චෙක්පත්) බැංකු ගත කිරිම, ඒ පිළිබඳ ලේඛණ පවත්වාගෙන යාම හා ලදුපත් නිකුත් කිරිම.
  • සුළු මුදල් අග්‍රිමය පවත්වාගෙන යාම හා එයින් ගෙවීම් කටයුතු කිරිම.
  • අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කටයුතු පවත්වාගෙන යාම
  • ගිණුම් අංශයට අදාල රාජ්‍ය පරිපාලන ,භාණ්ඩාගාර ,පළාත් සභා පිළිබද චක්‍රලේඛ ගොණු පවත්වා ගෙන යාම.
  • වාර්ෂික ඇස්තමේන්තු පිළියෙල කිරිම.
  • වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ කටයුතු සංවිධානය කිරිම.
  • අමාත්‍යංශය සහ අමාත්‍යංශය යටතේ පවතින ආයතන වල විගණන හා කළමනාකරණ කමිටු සම්බන්ධිකරණය.
  • රාජ්‍ය ගිණුම් කාරක සභාව සම්බන්ධ කටයුතු සම්පාදනය කිරීම
  • අමාත්‍යංශයේ ගබඩාව පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම
  • අමාත්‍යංශයේ සියළුම ගෙවිම් කටයුතු සිදු කිරීම (අත්තිකාරම් මුදල් ,පුද්ගල පඩිනඩි,අතිකාල,ගමන් වියදම් හා වෙනත් සියළුම ගෙවීම් ) හා අදාල පොත්පත් නිසි පරිදි යාවත්කාලීනව පවත්වා ගැනිම
  • ස්ථාවර වත්කම් ලේඛණය නිසි පරිදි නඩත්තු කිරිම
  • භාණ්ඩ වෙන්දේසි කිරීමේ කටයුතු සංවිධානය කිරීම.
  • අමාත්‍යංශයේ හා අමාත්‍යංශයට අනුබද්ධ සියළුම නිලධාරින්ගේ වැටුප් සකස් කිරීම,දෛනික වැටුප් සකස් කිරීම හා ඊට අදාල කටයුතු.
  • තැන්පත් ලේඛණය පවත්වාගෙන යාම,ප්‍රධාන ලේකම් කාර්යාලයේ පොත් සමඟ මාසිකව සැසඳීම් කිරීම.
  • අමාත්‍යංශයට අදාල සියළුම වැය ලෙජර පවත්වාගෙන යාම,සෑම මසකම අවසාන දිනට වැය ලෙජරය තුලනය කර ගිණුම් සාරාංශය සමඟ සැසදීම.
  • අමාත්‍යංශය හා අමාත්‍යංශය යටතේ පවතින දෙපාර්තමේන්තු වලට අදාල විරමොන් පටිපාටි කටයුතු සිදු කිරීම.
  • අමාත්‍යංශයේ සැලසුම් වලට අදාල ප්‍රතිපාදන ලබා ගැනීම ,නිකුත් කිරීම හා අදාල ලේඛණ වල නිසි පරිදි පවත්වා ගැනීම
  • සියළුම ගිණුම් වාර්තා මාසිකව ප්‍රධාන ලේකම් කාර්යාලයේ වාර්තා සමග සංසන්දනය කිරීම.
  • වාර්ෂික විසර්ජන ගිණුම පිළියෙල කිරිම.
  • අමාත්‍යංශයේ ගෙවිම් කරනු ලබන සියළුම වවුචර්පත් හා සියළුම ලැබීම් දිනපතා සිගාස් වැඩසටහනට ඇතුලත් කර මුදල් පොත ,වැය ලෙජරය,අත්තිකාරම් ලේඛණය සමග සසදා ඊළග මස 10 වන දිනට ප්‍රථම ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත අදාල වාර්තා යැවීම.
  • රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් ගිණුම් මාර්තු 15 දිනට පෙර සකස් කිරීම,ඊට අයත් සියළුම රාජකාරි ඉටු කිරීම හා අදාල ලේඛණ පවත්වාගෙන යාම.
  • වාර්ෂික අක්මුදල් ප්‍රවාහය හා මාසික පුරෝකථන වාර්තාව නියමිත දිනයට ඉදිරිපත් කිරීම.
  • අමාත්‍යංශයේ මුදල් පොත සම්බන්ධ සියළුම රාජකාරි කටයුතු
  • අමාත්‍යංශයේ ගිණුම්හි බැංකු සැසදුම පිළියෙල කර සෑම මසකම 15 වෙනි දිනට ප්‍රථම විගණන අංශ වෙත යැවීම.
  • ආදායම් සම්බන්ධ කටයුතු – මාර්ග සංවර්ධන අධිකාරියට,මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය, කර්මාන්ත සංවර්ධන අධිකාරිය වැටුප් දීමනා ,ආදායම් ආධාර සහා වවුචර්පත් සකස් කර ඉදිරිපත් කිරිම.
  • අමාත්‍යංශයට අදාල සියළුම විගණන විමසුම්  වලට පිළිතුරු අංශ වෙතින් ලබා සකස් කර යැවීම.
  • පොදු තැන්පත් ලේඛණය නඩත්තු කිරීම.