අමාත්‍යාංශයේ දැක්ම හා මෙහෙවර

දැක්ම

තිරසාර සංවර්ධනය කරා යන ගමනේදී බස්නාහිර පළාතේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ හා ප්‍රජා සංවර්ධනයේ නියමුවා විම.


මෙහෙවර

තිරසාර සංවර්ධනයක් කරා යන ගමනනේදී, බස්නාහිර පළාත තුල මගී ප්‍රවාහනය කාර්යක්ෂම හා ඵලදායී කිරීම, පළාත් මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම හා නඩත්තුව, සමුපකාර ව්‍යාපාරය කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් බවට පත්කිරීම, නිවාස ඉදිකිරීම හා කුලී නිවැසියන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම, ග්‍රාමීය සංවිධාන ශක්තිමත් කිරීම තුළින් සවිබල ගැන්වූ ග්‍රාමීය ප්‍රජාවක් බිහිකිරීම සහ ඔවුන්ගේ ආර්ථික සමාජ තත්ත්වය නංවාලීම හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම.

කාර්යයන්

  • බස්නාහිර පළාත් තුල ඇති සි හා ඩී ශ්‍රේණියට අයත් මාර්ග නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම.
  • පළාත් පාලන ආයතන සතු මාර්ග සංවර්ධනයට අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය ලබාදීම සහ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඉටු කිරීම තුළින් ආදායම් උත්පාදනය.
  • බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන ආදායම් බලපතු නිකුත් කිරීම සහ මගී ප්‍රවාහනය විධීමත්ව සිදු කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය හා ඒවා ක්‍රියාත්මක කිරීම.
  • ප්‍රාදේශීය සංවර්ධනයේදී සමුපකාර ව්‍යෘපාරය සාධනීය පර්ශවකරුවෙක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය හා ප්‍රතිපත්ති සැකසීම සහ ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම.
  • බස්නාහිර පළාත තුළ ගෙවල් කුලී පනත ක්‍රියාත්මක කිරීම, නිවාස සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම සහ නිවාස අරමුදල පවත්වාගෙන යාම, අඩු ආදායම්ලාභීන් සඳහා සහ රාජ්‍ය සේවකයින් සඳහා දේශීය හා විදේශීය ආධාර මත නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  • මාර්ග, ප්‍රවාහන ආදී යටිතල පහසුකම් සංවර්ධනය තුළින් වඩා හොඳ පහසුකම් භුක්ති විඳින වතු ආශ්‍රිත ජන ප්‍රජාවක් බිහි කිරීම.
  • සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය උදෙසා ව්‍යාපෘති හඳුනා ගැනීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම.
  • සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත ප්‍රපවර්ධනය සඳහා වෘත්තීය පුහුණු ආයතන මගින් ශිල්පීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ග්‍රාමිය ජනතාව ඒකරාශි කරමින් ගම් මට්ටමින් පිහිටුවා ඇති සමාජ හා සංවිධාන සවිබල ගන්වා, යටිතල පහසුකම් දියුණු කරමින් ග්‍රාමීය ජනතාවගේ ජිවන මට්ටම උසස් කිරීම සඳහා ප්‍රජා පහසුකම් සංවර්නය කිරීම
  • දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ රැස්වීම් හා ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම.
  • ආයතනික පරිපාලනය හා විනය කටයුතු.
  • මූල්‍ය කළමනාකරණය