ඉටු කළ සංවර්ධන කාර්යයන් හා සේවාවන්

• බස්නාහිර පළාත තුළ ග්‍රාම සංවර්ධන නිලධාරීන් 25ක් සිටින අතර සක්‍රිය සමිති සංඛ්‍යාව 2187කි. එමෙන්ම මැහුම් උපදේශීකාවන් 18ක් හරහා ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ 21ක ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. මෙම මධ්‍යස්ථාන යටතේ මැහුම්, ගෙතුම්,අත්කම්, ගෘහ කළමනාකරණය හා රූපලාවන්‍ය පුහුණුව ලබා දි වර්ෂ අවසානයේ ප්‍රදර්ශන පවත්වා ඇත.
• ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථාන වල එක් පාඨමාලාවකට සීමාවී පැවති විෂය නිර්දේශය පාඨමාලා 05ක් ලෙස වෙන් වෙන් වශයෙන් සංශෝධනය කිරීම තුළින් පුහුණුලාභීන්ගේ අවශ්යවතාවය හා කැමැත්ත අනුව පාඨමාලා තෝරාගත හැකි අන්දමින් නවීකරණය කර ඇත.
• බස්නාහිර පළාත තුළ හඳුනා ගත් ඌන සංවර්ධිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති, අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ව්‍යාපෘති, ප්‍රජා ව්‍යාපෘති, ප්‍රජා ශාලා ඉදිකිරීම් ව්‍යාපෘති හා ප්‍රජා මූල සංවිධාන සවිබල ගැන්වීම යටතේ උපකරණ ලබාදී ඇත.
• බස්නාහිර පළාත තුළ ඇති සෑම ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි, එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකින් එක් දුර්වල ග්‍රාම සංවර්ධන සමිතිය බැගින් තෝරා ගෙන සාමාජිකයින්ගේ එකඟතාවය අනුව, ප්රවමුඛතාවය ලබාදිය යුතු යුතු පොදු ව්‍යාපෘතියක් වෙනුවෙන් අමාත්යාං ශය මගින් රු.20,000/-ක මුදලක් ලබා දි වඩාත් ඵලදායී හාවෙන්කළ මුදල මෙන් දෙගුණයකට වඩා වටිනාකමක් ජනිත කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදි.

අඩු ආදායම්ලාභී නිවාස ව්යා්පෘතියක් (කැළණිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ)
ග්‍රාමීයමාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වර්ෂ අවසාන ප්‍රදර්ශනය – 2015

ප්‍රාදේශීය අසමතුලිතතාවය අවම කිරීමේ වැඩසටහන යටතේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශයේ මොරොන්තුඩුව ග්‍රාම සේවා වසමේ ඕකිඩ් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මකිරීම

පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අද්දරගොඩ හා හැඩිගල්ල ග්‍රාම සේවා වසම් 02හි තේ පැළ තවාන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

සංවර්ධනය පිළිබඳ ප්‍රජාවගේ දැනුවත්භාවය පුළුල් කිරීම සඳහා සාමාජිකයින්ගේ ළමුන් සහ ග්‍රාමීය තරුණ කොටස් යොමු කරමින් පවත්වන ලද ග්‍රාම සංවර්ධන රචනා තරඟය අංශ 04ක් යටතේ පවත්වා ජයග්‍රාහකයින් සඳහා මුදල් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කල අතර ස්ථානය ලැබූ ජයග්‍රාකයන්ගේ රචනා අඩංගු    “  රචනා සොළස ග්‍රන්ථය ” එළි දැක්වීම.

2016 වර්ෂය තුළ ඉටුකරන ලද සේවාවන්, ක්‍රියාකාරකම්, විශේෂ වැඩසටහන්, ව්‍යාපෘති හා අත්කරගත් ජයග්‍රහණයන්

සේවාවන් විස්තරය
01 ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම ·      පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන අරමුදලින් රු. මිලියන 14.2 ක වියදමක් දරා ඇත.

·      පළාත් ප්‍රදාන අරමුදලින් රු. මිලියන 15.8 ක වියදමක් දරා ඇත.

02 ප්‍රජාශාලා ඉදි කිරිම් ·      පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන අරමුදලින් රු. මිලියන 5.8 ක වියදමක් දරා ඇත.

·      පළාත් ප්‍රදාන අරමුදලින් රු.මිලියන 5 ක වියදමක් දරා ඇත.

03 ග්‍රාමීය කාන්තා මධ්‍යස්ථාන ·      අප අමාත්‍යාංශය සතුව ග්‍රාමීය කාන්තා මධ්‍යස්ථාන 21 ක්  පවතින අතර උපදේශිකාවන් 17 දෙනෙකු විසින් පුහුණු  කටයුතු සිදු කරනු ලබයි.

·       2016 වසරේ සිසුන් 1000 කට ආසන්න පිරිසක් ඇඟඵම් නිර්මාණ, එම්බ්‍රොයිඩර්, අත්කම්, ආහාර හා පෝෂණය හා රූපලාවන්‍ය පිළිබඳ පුහුණුවක් ලබා පිට වී ඇත.

04 ප්ලාස්ටික් පුටු හා කැනපි හට් බෙදා දීම ·      මූල්‍ය ශක්තිය දූර්වල ග්‍රාම සංවර්ධන සමිති සඳහා රු. මිලියන 2.7 ක ප්ලාස්ටික් පුටු ද රු. මිලියන 2 ක කැනපි හට් ද ලබා දී ඇත.

 

 

විශේෂ වැඩසටහන්

  • පළාත් මැහුම් හා අත්කම් ප්‍රදර්ශනය – 2016
  • හොඳම ග්‍රාම සංවර්ධන සමිතිය තේරිමේ තරඟය -2016

මෙම වැඩසටහන් දෙකටම අදාල උත්සවය 2016 දෙසැම්බර් මස 15 වන දින අපේ ගම පරිශ්‍රයේදි රු.මිලියන 1.2 ක වියදමින් සිදු කරන ලදී.