අමාත්‍යංශ ලේකම්තුමියගේ පණිවුඩය

බස්නාහිර පළාතේ වැදගත් විෂයයන් රැසක වගකීම දරන පළාත් මාර්ග, ප‍්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්,කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධනය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් වශයෙන් සටහනක් තැබීමට ලැබීම මහත් සතුටකි.
විශේෂයෙන් පසුගිය වර්ෂයේ දී වැඩිම ප‍්‍රගතියක් අත්පත් කරගත් අමාත්‍යංශයක් ලෙස කැපී පෙණුන මෙම අමාත්‍යංශයේ පරිපාලනය මා වෙත පැවරීම තුළින් මා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව විෂයභාර ගරු අමාත්‍යතුමා ඇතුළු පළාත් පරිපාලන අංශ වලට මාගේ කෘතඥතාවය පුද කරමි.
මෙම අමාත්‍යංශයේ කාර්යභාරය තුළින් පළාතේ ජනතාවට ඉහළ සේවාවක් සැලසීමේ අරමුණ පෙරදැරිව 2017 වර්ෂයේදී ද වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කිරීමට විෂයභාර ගරුඅමාත්‍යතුමාගේ මග පෙන්වීම මත සැළසුම් කර ඇත. පළාතේ යටිතල පහසුකම් නැංවීමේ අරමුණින් මාර්ග සංවර්ධනය සඳහා ඉහළ ප‍්‍රමුඛතාවයක් ලබා දෙමින් කටයුතු කරන අතර එහිදී සි හා ඞී ශ්‍රේණි මාර්ග, වතු මාර්ග සංවර්ධනය සහ පළාතේ ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම සිදු කෙරේ.
එසේම ප‍්‍රජා මූල සංවිධාන සවිබල ගැන්වීම සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු දිරිගැන්වීමත්, ග‍්‍රාමීය කර්මාන්තකරුවන්, අඩු ආදායම්ලාභීන් සහ ස්වයංරැුකියාවන්හි නිරත වන්නන් ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීමේ අරමුණින් විවිධ ආධාර හා උපකරණ ලබා දීමත්, දැනුම හා කුසලතා වර්ධනය කිරීමට කටයුතු කිරීමත් තුළීන් ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කරලීම සිදු කර ඔවුන් රටේ
ආර්ථිකයට සක‍්‍රීයව දායක කර ගැනීමට කටයුතු කෙරේ.
පළාතේ ජනතාවගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීමේදී සැලකිය යුතු දායකත්වයක් මෙම අමාත්‍යංශය මගින් දක්වන අතරම කුලී නිවැසියන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබේ. එමෙන්ම සමුපකාර සංවර්ධනය සහ වෙළඳ කටයුතු , ව්‍යාපාර නාම ලියාපදිංචිය ඇතුළු ව
පැවරී ඇති සියළු විෂයයන්ට අදාළ සංවර්ධන කාර්යයන් විධිමත් සැලැස්මක් අනුව සිදු කරමින් බස්නාහිර පළාතේ ජනතාවට අමාත්‍යංශය මගින් සැපයෙන සේවාවන් ඉදිරි වර්ෂයේ තවදුරටත් පුළුල් සහ කාර්යක්ෂම ආකාරයෙන් ඉටු කිරීමට සැලසුම් කර ඇත,
මෙම සියළු කාර්යයන් සාර්ථක කර ගැනීමේ දී විෂයභාර ගරු අමාත්‍යතුමා ගේ මග පෙන්වීම හා මෙහෙයවීම මහත් පිටුබලයක් වන අතර උපදේශක කාරක සභාවේ ගරු මන්ත‍්‍රිවරුන්ගෙන් ලැබෙන උපදෙස් හා අදහස්ද අගය කොට සළකමි. එසේම මාගේ අමාත්‍යංශයේ සියළු නිලධාරින්ගෙන් මෙම කාර්යයන් සාර්ථකව ඉටු කිරීමට ලැබෙන සහයෝගය මා හට මහත් ශක්තියකි. ඒ අනුව පසුගිය වර්ෂයන්හි අත්පත් කරගත් ප‍්‍රගතිය තවදුරටත් ඉහළ නංවාගනිමින් කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය සියළු අංශ වලට ලැබේවායි පතමි.

එම්.කේ.කේ රසිකා අබේදීර
ලේකම්,
මාර්ග, ප‍්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ
ග‍්‍රාම සංවර්ධන කටයුතු පිළිබද අමාත්‍යාංශය. (බස්නාහිර පළාත)

ගරු ඇමතිතුමාගේ පණිවුඩය

බස්නාහිර පළාත් සභාවේ වසර 23ක පමණ කාලයක් මන්ත‍්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර ඇති මා ප‍්‍රවාහන, මාර්ග, සමූපකාර සංවර්ධන හා වෙළද නිවාස හා ඉදිකිරීම්, වතුයටිතල පහසුකම්, කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා ලෙස පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකමි.
අමාත්‍යංශ වැඩකටයුතු වලදී සැමදා නිවැරදි මගපෙන්වීමක් සිදු කළ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාද, පළාත් ප‍්‍රධාන අමාත්‍යතුමාද, පළාත්සභාවේ පක්ෂ විපක්ෂ සියලූ ඇමතිවරුන් හා මන්ත‍්‍රීවරුන්ද මා මෙම අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි.
විශේෂයෙන්ම අප අමාත්‍යංශයේ විෂය පථය යටතේ බස්නාහිර පළාත තුළ ඉතා පුළුල් කාර්යයභාරයක් ඉටු කිරීමේ හැකියාවක් පවති යයි මා විශ්වාස කරමි. බස්නාහිර පළාත තුළ ජනතාවගේ ජන ජීවිත නගාසිටුවීම සඳහා විවිධ පරාසයන් රාශියක් ඔස්සේ ජනතාවගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය පහසුකම් සැපයීමට හා ආර්ථිකය ගොඩනැගීමට දායක වීමට හැකි වීම මා ලැබූ ජයග‍්‍රහනයක් වන අතරම ඉදිරියේදී අමාත්‍යංශය මඟින් ඉටු කළ හැකි එම සේවාවන් තව දුරටත් පුළුල් කිරීම මාගේ අරමුණයි.
එමෙන්ම මාර්ග පද්ධතිය යුගයට ගැලපෙන පරිදි විධිමත්ව හා ක‍්‍රමවත්ව සකස් කිරීම හා නඩත්තු කිරීම කළ යුතුව පවතී. බස්නාහිර පළාත තුළ ඍජු රැකියා අවස්ථා 12,500ක් සපයමින් ශ‍්‍රී ලංකාආර්ථිකය තුළ මෙන්ම ජනජීවිත තුළද එදා සිට මේ දක්වා යුග මෙහෙවරක් ඉටුකරන සමූපකාර ව්‍යාපාරය ද වර්තමානයට ගැලපෙන පරිදි සකස් කර පවත්වාගෙන යෑමට පියවර ගත යුතුව ඇත.
බස්නාහිර පළාත තුළ ස්ථිර නිවසක් අහිමිව සිටින මෙන්ම අර්ධ වශයෙන් වැඩ අවසන්ව ඇති නිවැසියන් හට දිය හැකි සහනයන් ලබා දෙමින් ඔවුන්ගේ ජන ජීවිත නගා සිටුවීමේ වගකීමද අප අමාත්‍යංශය වෙත ඇති අතර ඉදිරි වසර තුළ එකී ජනතාවගේ බලාපොරොත්තු බස්නාහිර පළාත් ගරු මැතිඇමතිවරුන්ගේ අදහස් හා යෝජනා උපයෝගී කර ගෙන කාර්යක්ෂමව සඵලතාවයෙන් යුක්තව ඉටු කිරීමට සක‍්‍රීයව දායක වීමට මම බලාපොරොත්තු වෙමි.
එපමණක් නොව ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය දියුණු කිරීමටත්, වතු යටිතල පහසුකම් ප‍්‍රවර්ධනයට මෙන්ම කර්මාන්ත ක්ෂේත‍්‍රය නගා සිටුවීමටත් බස්නාහිර පළාතේ නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ හදුනාගෙන ඒවා දියුණු කිරීමට අතහිත දීමටත්, නව තාක්ෂණික මංපෙත් එළිපෙහෙළි කරමින් නවීකරණය කරමින් යහපත් හෙට දවසක් සඳහා දේශපාලන අධිකාරිය හා පළාත් ජනතාව සමඟින් පෙරට යාමට කටයුතු කිරීමත් ඉදිරි වසර තුළ මාගේ බලාපොරොත්තු ලෙස පෙන්වා දිය හැක.
මෙම අමාත්‍යාංශයේ කටයුතු සාර්ථක කර ගැනීමට මෙතෙක් සහය දුන් සැමටත් ඉදිරි කටයුතු සඳහා නිබඳව සහය දක්වන සියලූ දෙනාටත් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමි.

ලලිත් වනිගරත්න
මාර්ග, ප‍්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්,
කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන කටයුතු පිළිබද අමාත්‍යාංශය. (බස්නාහිර පළාත)

කාර්යයන්

• බස්නාහිර පළාත් තුල ඇති සි හා ඩී ශේණියට අයත් මාර්ග නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම.
• පළාත් පාලන ආයතන සතු මාර්ග සංවර්ධනයට අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය ලබාදීම සහ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඉටු කිරීම තුළින් ආදායම් උත්පාදනය.
• බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන ආදායම් බලපතු නිකුත් කිරීම සහ මගී ප්‍රවාහනය විධීමත්ව සිදු කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය හා ඒවා ක්‍රියාත්මක කිරීම.
• ප්‍රාදේශිය සංවර්ධනයේදී සමුපකාර ව්‍යාපාරය සාධනීය පර්ශවකරුවෙක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය හා ප්‍රතිපත්ති සැකසීම සහ ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම.
• බස්නාහිර පළාත තුළ ගෙවල් කුලී පනත ක්රිසයාත්මක කිරීම, නිවාස සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම සහ නිවාස අරමුදල පවත්වාගෙන යාම, අඩු ආදායම්ලාභීන් සඳහා සහ රාජ්ය සේවකයින් සඳහා දේශීය හා විදේශීය ආධාර මත නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
• මාර්ග, ප්‍රවාහන ආදී යටිතල පහසුකම් සංවර්ධනය තුළින් වඩා හොඳ පහසුකම් භුක්ති විඳින වතු ආශ්‍රිත ජන ප්‍රජාවක් බිහි කිරීම.
• සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය උදෙසා ව්‍යාපෘති හඳුනා ගැනීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම.
• සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා වෘත්තීය පුහුණු ආයතන මගින් ශිල්පීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
• ග්‍රාමීය ජනතාව ඒකරාශි කරමින් ගම් මට්ටමින් පිහිටුවා ඇති සමාජ හා සංවිධාන සවිබල ගන්වා, යටිතල පහසුකම් දියුණු කරමින් ග්‍රාමීය ජනතාවගේ ජිවන මට්ටම උසස් කිරීම සඳහා ප්‍රජා පහසුකම් සංවර්නය කිරීම
• දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ රැස්වීම් හා ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම.
• ආයතනික පරිපාලනය හා විනය කටයුතු.
• මූල්‍ය කළමනාකරණය