ගරු ඇමතිතුමාගේ පණිවුඩය

බස්නාහිර පළාත් සභාවේ වසර 23ක පමණ කාලයක් මන්ත‍්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර ඇති මා ප‍්‍රවාහන, මාර්ග, සමූපකාර සංවර්ධන හා වෙළද නිවාස හා ඉදිකිරීම්, වතුයටිතල පහසුකම්, කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා ලෙස පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකමි.
අමාත්‍යංශ වැඩකටයුතු වලදී සැමදා නිවැරදි මගපෙන්වීමක් සිදු කළ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාද, පළාත් ප‍්‍රධාන අමාත්‍යතුමාද, පළාත්සභාවේ පක්ෂ විපක්ෂ සියලූ ඇමතිවරුන් හා මන්ත‍්‍රීවරුන්ද මා මෙම අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි.
විශේෂයෙන්ම අප අමාත්‍යංශයේ විෂය පථය යටතේ බස්නාහිර පළාත තුළ ඉතා පුළුල් කාර්යයභාරයක් ඉටු කිරීමේ හැකියාවක් පවති යයි මා විශ්වාස කරමි. බස්නාහිර පළාත තුළ ජනතාවගේ ජන ජීවිත නගාසිටුවීම සඳහා විවිධ පරාසයන් රාශියක් ඔස්සේ ජනතාවගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය පහසුකම් සැපයීමට හා ආර්ථිකය ගොඩනැගීමට දායක වීමට හැකි වීම මා ලැබූ ජයග‍්‍රහනයක් වන අතරම ඉදිරියේදී අමාත්‍යංශය මඟින් ඉටු කළ හැකි එම සේවාවන් තව දුරටත් පුළුල් කිරීම මාගේ අරමුණයි.
එමෙන්ම මාර්ග පද්ධතිය යුගයට ගැලපෙන පරිදි විධිමත්ව හා ක‍්‍රමවත්ව සකස් කිරීම හා නඩත්තු කිරීම කළ යුතුව පවතී. බස්නාහිර පළාත තුළ ඍජු රැකියා අවස්ථා 12,500ක් සපයමින් ශ‍්‍රී ලංකාආර්ථිකය තුළ මෙන්ම ජනජීවිත තුළද එදා සිට මේ දක්වා යුග මෙහෙවරක් ඉටුකරන සමූපකාර ව්‍යාපාරය ද වර්තමානයට ගැලපෙන පරිදි සකස් කර පවත්වාගෙන යෑමට පියවර ගත යුතුව ඇත.
බස්නාහිර පළාත තුළ ස්ථිර නිවසක් අහිමිව සිටින මෙන්ම අර්ධ වශයෙන් වැඩ අවසන්ව ඇති නිවැසියන් හට දිය හැකි සහනයන් ලබා දෙමින් ඔවුන්ගේ ජන ජීවිත නගා සිටුවීමේ වගකීමද අප අමාත්‍යංශය වෙත ඇති අතර ඉදිරි වසර තුළ එකී ජනතාවගේ බලාපොරොත්තු බස්නාහිර පළාත් ගරු මැතිඇමතිවරුන්ගේ අදහස් හා යෝජනා උපයෝගී කර ගෙන කාර්යක්ෂමව සඵලතාවයෙන් යුක්තව ඉටු කිරීමට සක‍්‍රීයව දායක වීමට මම බලාපොරොත්තු වෙමි.
එපමණක් නොව ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය දියුණු කිරීමටත්, වතු යටිතල පහසුකම් ප‍්‍රවර්ධනයට මෙන්ම කර්මාන්ත ක්ෂේත‍්‍රය නගා සිටුවීමටත් බස්නාහිර පළාතේ නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ හදුනාගෙන ඒවා දියුණු කිරීමට අතහිත දීමටත්, නව තාක්ෂණික මංපෙත් එළිපෙහෙළි කරමින් නවීකරණය කරමින් යහපත් හෙට දවසක් සඳහා දේශපාලන අධිකාරිය හා පළාත් ජනතාව සමඟින් පෙරට යාමට කටයුතු කිරීමත් ඉදිරි වසර තුළ මාගේ බලාපොරොත්තු ලෙස පෙන්වා දිය හැක.
මෙම අමාත්‍යාංශයේ කටයුතු සාර්ථක කර ගැනීමට මෙතෙක් සහය දුන් සැමටත් ඉදිරි කටයුතු සඳහා නිබඳව සහය දක්වන සියලූ දෙනාටත් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමි.

ලලිත් වනිගරත්න
මාර්ග, ප‍්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්,
කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන කටයුතු පිළිබද අමාත්‍යාංශය. (බස්නාහිර පළාත)

0 replies

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *